විකට් නොදී ගහනකොටයිwikat nodhii gahanakotayi

Wicket Nodi Gahanakotai

Lyrics

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් 
අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් 
බයිට් කළත් වැඩක් නෑනේ ක්‍රීඩකයෝ සුපර් 
ක්‍රිකට් ගහන තණතිල්ලේ රජා අම්පයර් 
ඔව් රජා අම්පයර්...

 පන්දු යවන විකට්ටුවේ පිටිපස්සට වෙලා 
උදේ ඉඳන් ගිනි අව්වේ ඉන්නේ බැල්ම හෙලා 
හරි වැරැද්ද මොකක් වුණත් ඇඟිල්ල උස්සලා 
පෙන්නුවොතින් දැවී යනවා චක්‍රවර්තිලා...

විකට් නොදී...

ක්‍රීඩකයන් දුසිම් ගණන් මැද තණතිල්ලේ 
දෙපැත්තට බෙදී කරන ක්‍රිකට් ගැහිල්ලේ 
ජය පැරදුම ඇත්තේ කොහෙද බලමු සෙවිල්ලේ 
තීන්දු දෙන අම්පයර්ගේ දබර ඇඟිල්ලේ...

විකට් නොදී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.