වැව ඉස්මත්තේwaewa ismaththee

Wewa Ismaththe

Lyrics

වැව ඉස්මත්තේ පාළු කනත්තේ
මී අඹ ගහ කපලා තාත්තේ
දැන් සෙල්ලම් ගෙට හෙවණ එන්නේ නෑ
ඇයි මී අඹ ගහ කැපුවේ දන්නේ නෑ…

ගමට විදුලිය එනවා එන මග 
ගස් ටික නැති වෙනවා
ඔය මී අඹ ගහ අපට ඵල නැතේ
ගෙඩි කන්නේ කැලේ සත්තුමයි පුතේ
ඔය මී අඹ ගහ අපට ඵල නැතේ…

ලේන පැටව් රෑන ගිරව් මී අඹ කන්නේ
උන් විතරයි සෙල්ලම් ගෙට සිංදු කියන්නේ
රූප පෙට්ටි ගමට ගෙනෙනවා
ඒවගේ සිංදු කියනවා පුතේ සිංදු පෙනෙනවා…
රෑන ගිරව් ආයේ එන්නේ නෑ
ලේන පැටව් දැන් මොනවද කන්නේ…

ගමට විදුලිය එනවාසිංදු පෙට්ටි ගෙනෙනවා
අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා
සිංදු පෙට්ටි ගෙ ගමට විදුලිය එනවානෙනවා
අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.