වැටකෙයියා මලක්waetakeyiyaa malak

Wetakeiya Malak

Lyrics

වැටකෙයියා මලක් දුරින් නෙලා  ගෙන
පැන් ඉස පරවී යන්න කලින්
බුදු සිරිපා මුල තැබූ හැටි මතකයි
පාට එරන් වන් පුතකු නමින්

රෑ  නින්දට පෙර පුන් කුස සනහා 
හිමි අතැඟිල්ලෙන් පිරිමදිනා
බෝ නැලවෙන ගී සරින්
සෙත් පිරිත් කණට කර මුමුනන්ණා
එවන් රුසිරු සරි පුතු ගැන හීනෙක 
මගෙ නෙතු නොදැනීම පියවෙන්නා

නවගමුවට මහ බෝ හිමි හමුවට 
නොගියත් පඬුරක් සුරත දරා
රජ මහ වෙහෙරට හැම පෝ දවසෙම 
නුඹ වැඩියා කුස මඩල අරා
අන්තිම පහනත් නිවෙන තුරු හිඳ
යලි එන්නෙමි බුදු ගුණම ගයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.