Lyrics
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ
රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරී
නැතිදා පලක් වේද සිංහාසනෙන්...//
මන්දාරමේ දේදුන්න සේ
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන් යමේ මේ රංඟනේ
ආනන්දයේ ප් රීති ඝෝෂා නැගේ
රජ මාලිගේ සම්පත් හැරා
මා හා ගිය සේම දුර මාවතේ
සසරේ සදා පෙරුමන් පුරා
ආලෙන් බැඳී ඉන්න මගෙ දේවියේ