වෙස්සන්තර බිසෝwessanthara bisoo

Wessanthara Biso

Album
Namal Udugama WITH Sunflower 01

Lyrics

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ 
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ 
රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි 
නැති දා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ 

(මන්දරමේ දේදුන්න සේ 
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ 
රෑ තුන් යමේ මේ රංඟනේ 
ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ...//)

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ 
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ 

(රාජ මාලිගේ සම්පත් හැරා  
මා හා ගිය සේම දුරු මාවතේ 
සසරේ සරා පෙරුමන් පුරා 
ආලෙන් බැඳී එන්න මගේ දේවියේ...//) 

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ 
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ 
රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි 
නැති දා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ 
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.