Lyrics
(වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර වුණා)...//
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පහර දුක්බර වෙලා
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පහර අසරණ වෙලා
ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා
මැවූ හීන උහුලන්න බැරි දැන් තමා......
වෙරළු ගෙඩි....../
(වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගේ නිසා)...//
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නේ නුඹ දෙන්න මං තනි වුණා
(වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර වුණා)...//
(මගෙ ලෝකේ කළුවර වුණා)..//