වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේweralee muhudhu waellee kandhee aetha nillee

Werale Muhudu Welle

Lyrics

වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ  
පොඩි  ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයි රංචු අතරින් ඉන්නා පුංචි ළමයා 
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා.....//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....

එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දගයිනේ
දාංගලේ මං පොඩිදා වගෙයිනේ
කහට බිංදු වැටිලා - කමිස පොඩි ඉරිලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ.....//
හැඩ වැඩදා ඇවිදිනවා 
පොඩි කාලේ මං වාගේ.....

මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා
ඒත් ආයේ කොන්ඩේ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ.....//
හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ.....

වෙරළේ මුහුදු.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.