වෙරළේ මුහුදු රැල්ලේweralee muhudhu raellee

Werale Muhudu Ralle

Music:
සරත් ද අල්විස්sarath dha alwis
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

(වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....

(එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....

(මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....

වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
(හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.