වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමිwerala konaka hinda balaa hindinnemi

Werala Konaka Hida

Lyrics

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි //

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.