වෙනදා වගේ අදත්wenadhaa wagee adhath

Wenada Wage Adath

Music:
රවින්ද්‍ර මීගාමාරච්චිrawindhra miigaamaarachchi
Lyrics:
රවින්ද්‍ර මීගාමාරච්චිrawindhra miigaamaarachchi

Lyrics

වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන් නෑ මට අදත්
පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින්
තැනුව යහනේ නිදා ගන්න ළඟින් ඉන්නම් රත්තරන්...

උණුහුම ඒ මා තමා සුළඟක් වී එන හමා
ඔබේ තුරුලේම දැවටිලා සුපුරුදු සුවඳක් වෙලා
සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ...

වෙනදා වගේ අදත්...

දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන්
හිතාමතා ගියේ නෑ ඉතින් තවමත් ඔබ ළඟ මං සිටිමි
සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ...

වෙනදා වගේ අදත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.