වෙන කෙනෙකුටwena kenekuta

Wena Kenekuta

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

වෙනකෙනෙකුට ඔබට තරම් ළංවෙන්නට බෑ මට නම්
ඒ බව ඔබ හිතට අරන් රිදෙව්වා ඇති හොඳටම දැන්
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් 
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........

අයැදුවේ මම එදා පටන් විශ්වාසේ පමණයි ඔබේ
නොලැබුණේ මට ඔබෙන් ඒ දේම විතරයි ළඳේ
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් 
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........

දැවටූ විට සිනා පොදක් හැමදාම සුරතේ මගේ
මදිවද කළ ආදරයත් පවසන්න පණ මා කෙරේ
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් 
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........

වෙනකෙනෙකුට.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.