වෙන්වෙන්නට හිත කීවොත්wenwennata hitha kiiwoth

Wen Wennata Hitha Keewoth

Music:
ගිහේන් නිශාන්giheen nishaan
Lyrics:
එස් ප්‍රනාන්දුes pranaandhu

Lyrics

වෙන්වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවා ද
හැර යන්නට හිත කීවොත් මා හැර යනවා ද
තනි වෙන්නට හිත කීවොත් තනිකර යනවා ද
යළි ඒන්නට හිත කීවොත් ඔබ යළී එනවා ද...

(ජීවිතේ පැතු ආදරේ
සොයා දුන්නු නුඹ ආදරි
මා හදේ ඇතිරුවා
ආදරේ පාට යාවෙවී... //)

පමා වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්...

(සෙනෙහසේ නවාතැනේ
ලැගුම් දුන්නු මගෙ පෙම්බරි
ආයෙනම් රිදවන්නෙ නෑ
බලා ගනිමි මගෙ පණ වගේ... //)

දුරස් වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්...

වෙන්වෙන්නට හිත...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.