Lyrics
වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම්
ආදරයේ විසඳුම මේ කාලයට බාර දෙන්නම්
(එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනෙ සැනසිල්ලෙ සැතපෙමු ලඳේ)..//
අහිංසකම සිවු දෑසින් ඇද කඳුළු උගුල්ලා
අපෙ ආදරය ඔත්පල කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගෙ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ
එක සෙවනකට වෙන්න..//
සිරමැදිරියෙ පාළුව අතරේ මතක කොනිත්තා
ආදර හීනේ සැලසුම් කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගෙ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ
වෙන් වෙන්න තිබුනානම්..
එක සෙවනකට වෙන්න..//