Lyrics
වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරන්
මතකයිද ඒ කිව් වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කඳුලක්ද? විඳවන්නේ ඇයි මෙහෙම
මගේ ආදරේ සිහිනයක්දෝ?
වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරන්
ජීවිතේ නුඹගෙන් ලැබුණා - පාළුවේ තනිකම් මැකුණා
වේදනා දෑතටම ඇදුනා - මට ඔබ මගේ යැයි සිතුණා
ආයෙත් නොවේදෝ ඒ වගේ - මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ....
වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරන්
ලෝකයේ මා දැන් තනි වුණා - දැවී දැවී පැතුමන් අළු වුණා
මැරි මැරී මා දැන් ඉපදෙනා - මට මා පවා නැති වුණා
ආයෙත් නොවේදෝ ඒ වගේ - මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ....
වෙන් වෙන්න නම් මේ ලෙසින්.../