වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑwenwelaa giyath oba amathaka wunee nae

Wen Wela Giyath Oba Amathaka Wune Naa

Lyrics

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

අතමිට සරුකර ගන්න සිතාලා
සිතකින් නොව ඔභ දමා ගියේ
ඔබ නැති පාළුව තනිකම දැනුනා
ලැබුනත් සැප සම්පත් පැතුසේ

දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ

වෙන්වෙලා ගියත් ....

පිට දේශ මහ මන්දිර සෙවණේ
මා උන්නත් නාඩා හැඬුවා
ඔබ සමගින් සිටි දිළිදු පැලේ මට
රජහිටු මාළිග සුව දැණුනා

දරු පැටවුන් ....
වෙන්වෙලා ගියත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.