වැල්ලෙන් තෙලද මවාලාwaellen theladha mawaalaa

Wellen Thelada Mawaala (Podu Teledrama Song)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවාලා
හදවතට දැනෙන විලස මෙලොව
දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස දිලෙමි බලාලා...

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට වෑහුනා සදා
මේ මගේ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා...

වැල්ලෙන් තෙලද මවාලා...

ගිරි මද්දහනේ හැන්දෑවේ නවතා නෑ මා සංචාරේ
පනවන් සේ බැඳීලා සඳවන් රූ සරාලා
සඟවාලා නෑ ශෘංගාරේ පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා දුක නම් නෑ දැනීලා
පෙන්වා නිසි කාරණාව තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම තේජමාන පානවා
විදිමී හද වේදනාව නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද කිරුල දරමි ලොවම ජය අරන්...

වැල්ලෙන් තෙලද මවාලා...

විකසිත හීන ගේන...

වැල්ලෙන් තෙලද මවාලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.