Lyrics
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වූ දා
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ
සමාධී භාවනා
හිම කදු වැටියේ සීතල සෙවණේ
වන්දන තුරු පීරා
ඇදී එන මල් මුව රද රසිනේ
සමග මුසු කෝමල මද පවනේ
ගැටීලා පාවෙනා
සත්සර නැගිලා ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලඔඅත්ු අතු රිකිලී
නටා ගිය තාලෙහි රස නැගුණා
සරාගී ජීවනා
සගමිත් මෙහෙණී දකුණේ ශාකා
සිරිලක ගෙන ආ දා
සිටම තව මහමෙව්නා උකුළේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සුමිහිරි නාදෙනා