වෙලි අදුරේ වැහි මන්දාරමේweli adhuree waehi mandhaaramee

පතිනියකගේ සීලේ - Weli Adure - Pathiyakage Sile

Lyrics

වෙලි අදුරේ වැහි මන්දාරමේ
ගිලෙනා... තාරුකාවී
නුරා අහසේ නිම් සෙවුවා ඇයත්
ජීවිතේ...තැනක සිරවී

හැගුම් මෝදු වීලා
මත්වී බිගුම් සේනා
ඒ....මාවතේ....
රැයේ රොන් සොයාලා
පිපාසෙන්ම ඇදෙනා
මේ...යාමයේ

ඉදුරන් පිනවන රෑ
බිළිඳුන් තව නිදි නෑ
නින්දා වැහි වැටෙනා මාවතේ..
මව් ගුණ විහිදා පෑ 
මහමායාවකි ඈ
කඩ කෙරුවත් පතිනියකගේ සීලේ.......

බඹරුන් රොන් ගෙන ඈතක සැගවීලා...
ඇගේ ලොව මා වියනින් සරසා...
කකියා හදවත ගිගුරුම් දේ ආගාදයක
සිරවී.....ජීවිතේ.....මග වැරදී.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.