වෙඩි නොවදින උණ්ඩයක්wedi nowadhina undayak

Wedi Nowadina Undayak

Music:
පවන් ද සිල්වාpawan dha silwaa
Lyrics:
හර්ෂ ප්‍රේමචන්ද්‍රharsha preemachandhra

Lyrics

සිතිජ රේඛාවේ මියැදෙනා 
පපුතුරේ කිමිදෙනා සේයාවක් 
රිදෙනා තාලයක මිරිකෙනා 
කාලයක් වී ලඟින් ආදරේ 
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...//)

මායා මිරිඟුවක වියැකෙනා 
ඇස් අගදී හීරෙනා සේයාවක් 
විඳිනා මානෙක නොපෙනෙනා 
කාලයක් වී ලඟින් ආදරේ 
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...//)

පපුතුරේ ගිනි පුපුරක් පුපුරනා 
ආදරේ මියැදෙනා හෝරාවක් 
හික්මෙනා කාලයක් අයදිනා
කාලයක් වී ලඟින් ආදරේ 
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...///)
පිච්චුනා වෙඩි නොවදිනා හදවතක්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.