වේදනා හද ගැඹුරේweedhanaa hadha gaemburee

Wedana Hada Gambure

Lyrics

වේදනා හද ගැඹුරේ 
කිසිදා වියැකිලා නෑ යන්නේ

හිරු සැංගී යන හැන්දෑවේ
ඔබ මා අතහැර වෙන්වුනේ
තනි වුවද අද මගෙ ජීවේ
ඔබ නිසයි මෙමා ජීවත් වූයේ

හදවත තෙරපූ වේදනා
මා නෙතු උතුරා ගැළුවාවේ
ඔබ ඈත ක්ෂිතිජයෙහි ඔරුවක් වාගේ
නොපෙනීම මිදුනාය දසුනින් මගේ

හිරු සැංගී ...

පෙර අප පැතු ඒ ප්‍රාර්ථනා
තණ අග පිණි සේ නිම වූවේ
අවසාන මොහොතේදී හමු වූවත් ළදේ
එතුවක්ම මා සෙනෙහේ දහමින් බැදේ

හිරු සැංගී ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.