වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්wae kandha wagee numba raekagannam

Wea Kanda Wage Numba Raka Gannam

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

Lyrics

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවානම්

පැණි වළං පැලු ජීවිත පතුලෙන්
නිල් දියවර වී පිරුණිද ළඳුනේ
අවි පද ඇවිලෙන හිත ඉස්මත්තේ
නුඹ හිනාවෙයන් මගේ ඕපු මලේ

වෑ කන්ද වගේ ....

පෙණ පාසි ඇවිත් රළ පිට නැඟලා
නුඹේ හිත ගන්නට මාන බලන දා
පිටවාන වගේ නොසැලී හිටපත් 
කැන්දාන යන්න දිනයක් එනකන් 

වෑ කන්ද වගේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.