වයන්න සිතාරේwayanna sithaaree

Wayanna Sithare

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා

මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස්‌ වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.