Lyrics
වට්ටක්කා ගැනයි මේ කියන්නේ
වට්ටක්කා තමයි මං වවන්නේ
වට්ටක්කා නිමල් යයි කවුරුත් කියන්නේ...//
හොඳ පොහොරත් වතුරත් දමලා
වටේටම වැටකුත් ගහලා
මං හරීම බොක්කෙන් වට්ටක්කා වවන්නේ
දවසක් මං උදෙන්ම බලද්දී
ඇස් ගොට්ටට පැන්නා තරු පෙනී
වට්ටක්කා අරන් හොරු දුවනවා පෙනි පෙනී...
ග්‍රාමසේවක කපටියෝ බව මං හොඳින්ම දන්නවා
මෙන්න මේකා පැමිණිල්ල ලියනවා
නඩු හබ ගැන අහලා මිනිහා යන්නට සැරසීලා
දැම්මා අත මගේ කර වට ආ හිනැහිලා...
(නිමල් මට දෙනවද වට්ටක්කා ගෙඩි දෙකක්
මොකද අපේ නෝනා හරී ආසයි)
මිනිහා ගෙනිච්චා තව ගෙඩි දෙක තුනක්
මං හිටියා බොක්කම උණු කරන්
ඒ වෙලාවේ මූ මට නැතුවම බැරි නිසා...
පොලීසියෙන් හත අටක්ම ආවා පල් හොරෙක් හොයන්නට
මගේ වත්තට බැහැලා ගැහුවා ටොච් ගොඩක්
ලොකු පොලීසි මාමේ අය වට්ටක්කා උඩින් යයි ඇස් පියන්
තැලුවා නේද මගේ වට්ටක්කේ ඉතින්
හොරු අරන් ගියාට වැඩියෙන් මට පාඩුයි දැන් මේ මඟුලෙන්
දෙවියන්ට වත් නැද්ද මගේ දුක පෙනෙන්නේ...
මල ජූලියයි දවස් දෙක තුනක් දෙවියෙක් ආවා මට ඉදිරියෙන්
මං තිගැස්සිලා බිම වැටුණා
මල්ලී ඔයා අප්සට් වීලා ඉන්නේ බකන්නිලා
තනි ඇහැටම ඇඬෙනවා අයියෝ අපිටත් දුකයි මෙයා
පිහිට වෙන්න ආසයි ඔයාට අද බෑ ඒත් පුතා...
වට්ටක්කා ගැනයි.....
වට්ටක්කා අරන් හොරු දුවනවා පෙනි පෙනී...