වතුර නාලාwathura naalaa

Wathura Nala

Lyrics

වතුර නාලා.... 
(වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා
ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා
රන් කොතලේ උඹේ උකුලේ තියලා 
මගේ සුරංඟනි කොහොද යන්නේ
නිතඹ සලාලා වතුර නාලා....//)

(ඇස් නටවාලා රතු තොල් විදහාලා....//)
(හා පොඩ්ඩක් හිනාවෙන්නකෝ....//)
මගේ සුරංගනී ආදරයෙන්
බලා යන්නකෝ.....

වතුර නාලා...../

(මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ....//)
(නිල් මැණිකෙන් දෑස තනාලා....//)
මගේ සුරංඟනී දේදුන්නෙන්
ඇහිබැම තියාලා.....

වතුර නාලා...../
ඇස් නටවාලා..../
වතුර නාලා.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.