වතුර නාලා තෙත කොන්ඩෙ කඩාලwathura naalaa thetha konde kadaala

Wathura Naala Thetha

Lyrics

වතුර නාලා තෙත කොන්ඩෙ කඩාලා
ඉන වටේ තදට මල් ඉහිරුනු චීත්තෙ ඇඳලා 
රන් කොතලේ ඔබ උකුලේ තියාලා
මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා.. වතුර නාලා..//

ඇස් නටවාලා රතු තොල් විදහාලා
හා පොඩ්ඩක් හිනා වෙන්නකෝ ..//
මගේ සුරංගනී ආදරෙයෙන් බලා යන්නකෝ....

වතුර නාලා..//

මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ
නිල් මැණිකෙන් දෑස තනාලා..//
මගේ සුරංගනී දේදුන්නෙන් ඇහිබැම තියලා

වතුර නාලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.