වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේwatha dhomba kaelee wathura aethi podi lidhee

Watha Doma Kale Wathura Nathi

Lyrics

වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ උකුලෙ පොඩි මටිකලෙ
වන බඹරු කැරකෙන්ව ගොඩපර කැලේ
පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා //

පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා 
උබෙ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා
ඉන්නව බලා මූන මගෙ බෙරි උනනේ
පොඩි නෑනෙ මම නුබගෙ ලොකු මස්සිනා //

වත දොඹ කලේ..........

නෑදෑයො ඇයි මන්ද කිරසක වෙල
මන් නුඹව දැකගත්තෙ කල් පහු වෙලා
ගිනි වතුර මම බොන්නෙ නුබගැන හිතා
පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා

වත දොඹ කැලේ වතුර............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.