වැටෙනා හුස්මේ පවාwaetenaa husmee pawaa

Watena Husme Pawa

Music:
තරිඳු බණ්ඩාරtharindu bandaara
Lyrics:
කසුන් ඩේවිඩ්kasun deewid

Lyrics

හුඟක් දුර යන්න හීන මවා හිතේ ඉඩ සෙව්වේ පෙරුම් පුරා
අවසානේ රැවටුණේ මෙමා නොකියාම දුර ගියේ ඔයා
වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා
කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා.......

රහසින්ම හමුවීලා කාටත් හොරා 
මතකයිද පෙම් කෙරුවා අපි පෙර එදා
අද මා හැරදා දුරකින් තියා 
මුදලින් සෙනෙහේ හිමිකම පුදා
හිනැහී ඉන්නේ කොහොමද ඔයා.......

වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා
කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා.......

ළඟ උන්නු ඒ කාලේ ඔබෙමයි සිතා
හැම සතුට කැප කෙරුවේ වටිනා නිසා
මා මෙන් තවකෙක් රවටන්නෙපා
හැකිතෙක් තනියෙන් ඉන්නම් මෙමා
සැමදා සතුටින් ඉනු මැන ඔයා.......

හුඟක් දුර යන්න.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.