Lyrics
වටකර බඹර රෑන මල වටකර බඹර රෑන
හරි මනමාල රඟේයා දහවල් ආල හීන
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා......///
සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ......
ආදර රස්නේ වැදී හිත පපුවට ගින්න දිදී
අනේ මම ප්‍රේම කරන්නේ
කවදද එකට ඉඳන් එක බත්පත කන්නේ ඉතින්
හිත හිත ඇඟිලි ගනින්නේ.......//
සුසානෝ.......//
ආදරේ මගේ කියා ලේ වලින් ලියුම් ලියා
කිය කිය පෙම් කතන්දරෙ
චෙරියෝ ටටා කියා මා එක්ක
අනේ ඔයා යනවද අහස් යන්තරේ.......//
සුසානෝ.......//