වස්තුවේwasthuwee

Wasthuwe

Music:
දුලීකා කෝදාගොඩdhuliikaa koodhaagoda
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ 
ආසයි සුවඳ ඔබගේ විඳගන්න මට ආයේ
හැමදාම මට සිහිවේ නුඹගෙන් ලැබු සෙනෙහේ
නුඹ නාවෝතින් ආයේ මිය යාවී රත්තරනේ
(මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා....//) 

සැබෑ නොවන හීන කන්දක් හිතේ සිරවෙලා
මගේ ජීවීතේම දැන් මට ශාපයක් වෙලා
මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා
ඔයා නැතිව ඉන්න බෑ මේ ලොවේ තනි වෙලා
(මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා....//)

සදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවේ මා
ඔබේ ආදරේට මං හරි ලෝභ වුණ නිසා
මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා
ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා.....

කවදාද අපි ආයේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.