වස්සානේ හීනේwassaanee hiinee

Wassane Heene

Music:
ඉරාජ්iraaj
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා 
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා 
හැමදාමත් ඉන්නම් මා තනිවෙලා...//)

කඳුලක උණුහුම ඇහි දාරේ 
ඉඳුරා පවසයි ඔබ මාගේ 
ප්‍රේමාලිංගන ආල කතන්දර 
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
 
වස්සානේ හීනේ....

යහනක තනිකම ඉකි බින්දේ  
තුරුලෙම වූ හැටි ලය කන්ඳේ 
රෝස තොල් ළඟ හාදු වැස්සක 
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ

අශාව ඍණ ඇගේ කඳුල ධන 
මට ඉඹින්න ඕන උන් තලපු මල 
පුරවන්න හැදුවෙ නුඹෙ සිඳුණු විල 
ඒකයි ආදරෙ යැද්දෙ ගෙවලා මිල
උඹ පෝරේක සරසලා කර මඟුල් පෝරුව 
යන්න හිතන් නුඹ එක්ක දුර 
බිලී කොක්කක් එයාගේ ලස්සන රූපය 
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට

වස්සානේ හීනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.