වස්සානයක් වියැකුණාwassaanayak wiyaekunaa

Wassanayak Wiyakuna

Music:
පැතුම් කුරේpaethum kuree
Lyrics:
ධනුෂ්ක බණ්ඩාරdhhanushka bandaara

Lyrics

සඳක් හැඬුවා හද ගිනි අරන් වැටෙනා 
ඒ සුසුම් දැනීලා ආලයක් හිතුණා
ඇය මගේ මා ඇගේ කියලා 
මලක් වැටෙනා ලෙසින් වැටුණා
ඇය මතින් හදවත වැටුණා........

සිහිනයක් දුටුවා රෑ නෙනිමෙනා නොනිදනා
සෙනෙහසක් තියනා නිමේෂයක් දැනුණා
සිත උණුසුමක් යදිනා විශ්වාසයක් පතනා
ද්වේශයක් දුටුවා......

නෙතු කොණක රැඳුණු කඩු තුඩක සැලෙනා 
සිතුවමක් ඇඳුනා සිත රිදුම් ගෙන දෙනා
ඇරඹුමක් ඇඳුණා.....

වස්සානයක් වියැකුණා සුසානය මත මල් පිපුණා
මධුවිත පැතුවා නුඹ මතකයේ නැරගන්න සිතුණා
පොපි මලක් පිපුණා වියැළි සිත ළඟ රැඳිලා
හුදෙකලා මකනා......

නෙතු කොණක......

සඳක් හැඬුවා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.