වස්සාන නෙතwassaana netha

Wassana Netha

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
නෙලූ ප්‍රනාන්දුneluu pranaandhu

Lyrics

වස්සාන නෙත නිදි නැති
ගංඟාව දැලේ හිදී
තරු වියන රෑ සක්මනේ
ඇහිදින්නේ මල් කඳුළුනේ //

පවනැල්ල නුහුරුයි නුඹේ
රැඳුනාම සුසුමන් හදේ //
හැරයන්න නාඳුනන සේ
නොපිපෙන්න මගේ සිහිනයේ //

වස්සාන නෙත ....

සංකාව සිත් මායිමේ
නවතින්න නැහැ සැරසුනේ //
බැසයන්න මතකය දිගේ
පිබිදෙන්න සිතුවිලි දියේ //

වස්සාන නෙත ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.