වාසිටි කොල්ලෝwaasiti kolloo

Wasiti Kollo

Music:
මිල්රෝයි ධර්මරත්නmilrooyi dhharmarathna
Lyrics:
මිල්රෝයි ධර්මරත්නmilrooyi dhharmarathna

Lyrics

නවීන පන්නේ ගතිගුණ අපට තියෙන්නේ
කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ - හන්තානේ රජ දහනේ
කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ

මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනල නෝනලා කොළඹ පළාතේ
මැණිකෙ වුනත් එක විදිහයි නෝන වුනත් එක විදිහයි
මැණිකෙ වුනත් නෝන වුනත් නවක වදේමයි

බී ඒ -  බී ඒ ගන්නයි එන්නේ
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ
ඩිග්රි ඇතත් සැලකිලි - ඩිග්රි නැතත් සැලකිලි
ගැහැණු වුනත් පිරිමි වුනත් එකම සැලකිලි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.