වැසි වසිනා අහස අපිwaesi wasinaa ahasa api

Wasi Wasina Ahasa

Lyrics

වැසි වසිනා අහස අපි
මුතු බදිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව් අපි
සිරි ලංකා රට ම අපි

අපේ පැතුම් අහසට විහිදී යයි 
කම්හල්වල දුම් වළලු දිගේ
අපේ ම දහදිය මුගුරු ගලා එයි 
ගං හේ ඇළ දොළ කදුරු වගේ

දෙරණ පළා රතු කැට මතුවන්නට
අප අත දෙන තුරු බලා හිදී
බලව් යොමා නෙත රටේ ම මාවත
අපේ අතින් ගොඩනැගෙන හැටි

ගොවියො අපි කම්කරුවෝ
රට රකිනා ජනතාවෝ

ගතරැදි දුහුවිලි රනබරණයි
දහදිය මඩ විලවුන් සුවඳයි
රට වෙනුවෙන් ගත සිත වෙහෙසයි
සිත සතටේ උල්පත එතැනයි

ගොවියො අපි........///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.