වැසි දිය මහ බිම තෙමුවටwaesi dhiya maha bima themuwata

Wasi Diya Maha

Lyrics

වැසි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද

රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න //

රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද

උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න //

වැසි දිය මහ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.