වසන්තයේ සිත සැලුනා wasanthayee sitha saelunaa

Wasanthaye Sitha Saluna

Music:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala

Lyrics

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී

වසන්තයේ සිත..../

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි

වසන්තයේ සිත....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.