වසන්තයේwasanthayee

Wasanthaye

Music:
ලිෂාන් බණ්ඩාරlishaan bandaara
Lyrics:
හංසි සඳමාලිhansi sandamaali

Lyrics

වසන්තයේ මල් පිපෙනා දවසක හමුවෙමූ
දසන්තේ ගෙවූ ප්‍රේමයේ රහස් කොදුරමූ 
නිශාන්තයේ සඳ දිලෙනා වරුවක ගුලිවෙමූ
අනන්තයේ හමුවෙනා තුරුම අපි දිවයමූ...

මේ වෑහෙනා ප්‍රේමයේ අමා හැඟුම් 
භවයෙන් භවේ විඳ හමුවෙමූ
සෑමදා රැඳී සැනසෙමූ...

මතකද හේමන්තයේ හැලෙනා කහ පාට හවසක
දෙව්රත තුරුලු වී සාවියක සේ මිමිනුව හැඩ
සෝ වේදනා බාධක ගෙවෙනා ජීවන පෙත
සංසාරයේ පතන්නේ නුඹමයි සඳවත...

ඉඩෝරයේ  කටුක හිරු අප ගත අවුලාවී
සිසිරයේ කුණාටු විත් යන මං නොපෙනේවී
ඉඩෝරයෙන් පසුව යලි වසන්තේ පැමිණේවී
ශීත සෘතුවේ උණුහුම සොයා යළිත් අප ලංවේවී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.