වසන්ත වැස්සටwasantha waessata

Wasantha Wessata

Lyrics

වසන්ත වැස්සට තෙමුනාවේ 
වසන්ත සුළඟක් හැමුවාවේ 
වසන්තයේ මුණ ගැසුනාවේ 
වසන්තයේ ඔබ පිපුණාවේ 

මනබර ගීත ගුමු දෙන යහන 
බඹරු වඩිති අරගෙන හීන 
නිවා දමමි රෑ සඳ පාන 
මමයි ඔබේ ලොව බඹරාණ 

වසන්ත වැස්සට...

හැඟුම් පිරුණු මල්බර පියසේ 
හැඬුම් ඇසේවිද හොර රහසේ 
සුසුම් කඳුළු පිසදා නොලසේ 
පැතුම් හොවමි නිල්වන් දෑසේ  

වසන්ත වැස්සට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.