වාසනාවන්ත කල ලබාwaasanaawantha kala labaa

Wasanavantha Kala Laba

Album
FIlm : Doctor
Music:
R සුදර්ශනම්r sudharshanam
Lyrics:
හර්බට් M සෙනෙවිරත්නharbat m senewirathna

Lyrics

වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා

( දුක් නිවලා - ශාන්ති පාලා
හර්ධයේ ආදරෙන් - ආදරෙන් විනෝද වී ගියා ) ...//

වාසනාවන්ත කල ලබා...

දෙව්හිම්යෙන්ම තී මගේය සොබනි
ස්වාමිනි ඔබේ නමින්ම දිවි පුදන්නෙමි
චාන්දනී නටන්නේ නෑ තවත් ඉතින් මෙහි
චාන්දනී නටන්නේ දැන් ඔබේ තුරුල්ලෙහි
( මධුර ආලේ - බැඳී දෙවාලේ
ජීවිතේ අනාගතේ ස්වර්ගෙකි මහා )...//

වාසනාවන්ත කල ලබා...

වංගු බෝ වැඩි දැන් ඉතින් මේ මාර්ගයේ
හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ
සමගියෙන් ගියොත් දුර යන්න හැකිවෙතේ
වැරදි මා තවත් නෑ කරන්නේ මේ වගේ
( ප්‍රීතියෙනි නිදහසෙනි
ඉන්න කල් විදිමු සැපට පෙම් ලොවක් මවා ) ...//

වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
( දුක් නිවලා - ශාන්ති පාලා
හර්ධයේ ආදරෙන් - ආදරෙන් විනෝද වී ගියා ) ...//

වාසනාවන්ත කල ලබා.../ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.