වාසනා වේවාwaasanaa weewaa

Wasana Wewa

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
කැමිලස් පෙරේරාkaemilas pereeraa

Lyrics

වාසනා වේවා... වාසනා වේවා...
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ 
දීගෙක යන දවසේ
වාසනා වේවා... වාසනා වේවා...

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැ‍ළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා

වාසනා වේවා... වාසනා වේවා...
වාසනා වේවා... වාසනා වේවා...

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මඟ සෙත් මල් පිපෙන පැ‍යේ
පිවිතුරු බව රැකවරණය වේ

වාසනා වේවා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.