වාසනා ලොවක් ගෙනාවwaasanaa lowak genaawa

Wasana Lowak Genawa

Lyrics

(වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ...//)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ 
සුරූපි කෙල්ලේ

(දුගී පැලක තරුණයෙක් අතේ.. 
රිදී මැණික රත්තරන් නැතේ...//)
මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. 
ආවෙ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ
ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..

දෙමාපියන් මුදල් වතු පිටි (hooo oo oo) 
එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතු පිටි (hi hi hi hi..) 
එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (oooooo uh)  
ආදරේ හැටි

(වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ...//)
ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..

රිදී ඉරයි වැහි වලාකුලේ 
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුලේ (hahaha) 
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ  
ඔබයි එලි කලේ 

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ (ah ah) 
සුරූපි කෙල්ලේ (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ 
සුරූපි කෙල්ලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.