වසන් කරන්නට බෑ මගෙ හිත අදwasan karannata bae mage hitha adha

Wasan Karannata Ba Mage Hitha Ada

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
රත්මලේ බන්දුල ගුනවර්දනrathmalee bandhula gunawardhana

Lyrics

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා  //

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ 

වසන් කරන්නට බෑ......

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.