වරෙන් යන්න (ජීවිතේ විඳින්න)waren yanna (jiiwithee windinna)

Waren Yanna (Jeewithe Windinna)

Music:
ඩැඩීdaedii
Lyrics:
ඩැඩීdaedii

Lyrics

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම

සතයක් වත් නැතුව නොමිලේ 
හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා

බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් 
බකන් නිලන් මොකද

වරෙන් යන්න අපිත් එක්ක....

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

(ජීවත් වෙන්න - ජීවය මෙන්න...//)

කදුළු පුරවා ගෙන - දවසම අඬන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා - බැඳලා බෙර ගහලා
ලොවට පෙන්නාපු කෙල්ලො 
හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා

වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන - අසරණයට දඬුවම් කෙරුවා
පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද 
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් 
බකන් නිලන් මොකද

වරෙන් යන්න අපිත් එක්ක....
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න....

ජීවත් වෙන්න එන්න මෙන්න
මෙන්න මගෙ අත ගන්න
විඳින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න
ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද

වරෙන් යන්න අපිත් එක්ක
බැරි නම් ගෙදරට වෙල ඉන්න
බැනුම් අහල මදි වගෙ නම් 
ගෑනුන්ගෙන් ගුටි කන්න..
(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න....

ජීවත් වෙන්න ජීවය මෙන්න මෙන්න
ජීවත් වෙන්න ජීවය දෙන්න 
කන්න බොන්න කන්න දෙන්න 
වරක් කිව්වා මෙන්න බැන්දා අපි 
මේකත් අහලා අම්මට ගහලා ගාගන්න 
(වරෙන් යන්න අපිත් එක්ක...//) 
බෙදා ගන්න ගන්න කන්න බොන්න හිනාවෙන්න
ජීවත් වෙන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.