වරදින්නේ නැතwaradhinnee naetha

Waradinne Natha

Lyrics

වරදින්නේ නැත මට හිමි බත් පත
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි

ඔබට හොරා මධු භාජන හිස්කොට
රෑ මැදියම් ඔබ නින්දට වන් විට
පෑල දොරින් එන ඔබගේ බත් පත
දෑස තෙමා මට දඩුවම් දෙයි

විකල් සිතින් සැරිසරා තැනින් තැන
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන
ඔබත් නොකා මට දන්දෙන බත් පත
හද රිදවා මට දඩුවම් දෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.