වැරදි කරලාwaeradhi karalaa

Waradi Karala

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා 
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා

දෙණයන ඔබගේ සිහිවන මොහොතේ 
හදාගන්න බෑ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගියසේ
දමා යන්න බෑ මට ආයේ

ඉක්මනින් තරහා වීලා 
මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං
ආදරෙන් සෑමදා

වෙනතක රහසේ ඔබ ගිය දිනයේ 
බලා ඉන්න බැරි නෙතට මගේ
කදුලැලි ඉනුවේ දුකටයි මහදේ
දරාගන්න බැරි තැනම ලදේ

ඉක්මනින් තරහා වීලා 
මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං
ආදරෙන් සෑමදා

වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා 
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.