වරදක් කියන්නෙ නෑwaradhak kiyanne nae

Waradak Kiyanne Na

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

වරදක් කියන්නෙ නෑ ඔබට මා
ගියදා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇතිනම් ඔයා
(මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...//)

(ආදරේ ඔබේ පණ වාගේ
පැවසුවත් එදා
දැනන් හිටියෙ නෑ ඔබ කෙරුවේ
විහිළුවක් කියා...//)
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...

(ජීවිතේ දුකක් ලැබුනෝතින්
අලුත් පෙම නිසා
යළිත් එන්න මා වෙත රහසේ
නැතිව බෑ ඔයා...//)
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...

වරදක් කියන්නෙ නෑ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.