වරදක් කියා දොස් පවරලාwaradhak kiyaa dheaas pawaralaa

Waradak Kiya Dos Pawarala

Lyrics

වරදක් කියා දොස් පවරලා
ශාප කෙරුවත් ඔබ මට එදා 
ඔබගෙන් එහා තවකෙකු දිහා
නැ කිසිමදා හොරැහින් වත් බලා

අන්සතු වුනත් සැනෙකින් ඔයා 
වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා 
ඔබෙ සතුටමයි පැතුවෙි සදා 

කාටවත් වැඩියෙන් හුඟක් 
ගැළපුණේ මා යැයි කියා 
ලංවුනේත් නොපැතු ලෙසින්
රිදවලා යන්නද ඔයා 

කොයි තරමි දුන්නත් රිදුම් 
යළි සොයා ආවොත් ඔයා 
මියැදුනේ නැත්නම් කලින් 
මඟ බලන් මා ඉන්නවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.