Lyrics
වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම
ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම
සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම
නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම
නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම
වරා මලේ......
පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
වරා මලේ...... //