Lyrics
වනයේ වන මලක් නොවී උයනක පිපුණේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි එහෙම කලේ ඇයි
දෙදෙනෙකු හට පොදු මලක් වෙලා නුඹ පිපුණේ
මේ ගිම්හාන කාලයේ
උයන් මැදින් ගඟ ගලා බසිද්දී
ඒ මැද පිපුණේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි
එහෙම කලේ ඇයි
මේ වස්සාන කාලයේ
කොහේදෝ සිට ආ මත් බඹරෙකු හට
රොන්සුණු දුන්නේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි
එහෙම කලේ ඇයි
මේ වසන්ත කාලයේ
වනයේ වන මලක් නොවී ....