වන බඹරෝwana bambaroo

Wanabambaro

Lyrics

(වන බඹරෝ.. වන බඹරෝ..
රෝස මලක් පිපිලා බඹරෝ 
වන බඹරෝ.. වන බඹරෝ..
රොන් ගෙන ආ හැකි වන බඹරෝ...//)

ඊයේ උදේමයි මල පිපුනේ 
තව නැහැ රොන් මල තුල පිරුණේ 
ටික දවසක් යන තුරු සෙවනේ 
මල පිපුනාවේ මද පවනේ

වන බඹරෝ....

වෙන මල් වෙත මා නැත යන්නේ 
රෝස මලයි මගෙ සිත ගන්නේ 
සමනලයින් ඒ බව දන්නේ 
ඒ ගැන නෑ මම වෙහෙසෙන්නේ 

වන බඹරෝ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.